සර්වො මෝටරයක් control කරමුද?..

 

ඉතින් යාලුවනේ මොනවද මේ සර්වො මෝටර් servo motor කියන්නේ,. දන්න අයත් ඉන්නවනි ඔන්න නොදන්න අයටත් දැනගන්න කියල පොඩි ලිපියක් දැම්ම. ඔයාලට මතක ඇති පුන්චි කාලෙ අපි සෙල්ලම් කල සෙල්ලම් කාර් වල තිබුනු පුන්චි මෝටර් එක.. ඉතින් පුන්චි පුන්චි සෙල්ලම් බඩුත් අපි ඒ මෝටරෙන් හැදුවනි.දැකල නැති අයනම් ඉන්න විදිහක් නැහැ ඒත් ඔන්න ඒ අයටත් එක්කම  බල්ලගන්න මන් මෝටර් එක ගැලෙව්ව...

Brushed DC Motor: 130-Size 6V 11.5kRPM 800mA

ඉතින් මේ මෝටර් වර්ගයට කියන්නෙ brushed DC  මෝටර් කියල,ඒ කියන්නෙ මේ මෝටර් වල කොයිල් වලට ධාරාව සපයන්න ඇතිලි හෙවත් brushed යොදාගන්නව. මේවට තියෙන්නෙ ප්‍රෙධාන සැපයුම් අග්‍ර 2ක් විතරයි.ක්‍රියාකාරී වීමට 800mA   6v, ප්‍රමාණයක් ඕන කරනව මේ මෝටර්වල  rpm  අගය 11.5 Kv විතර වෙනව.,   ඉතින් වෝල්ටීයතාවයට අනුරූපව තමයි කරකැවෙන වේගය rpm අගය (මිනිත්තුවකට කරැකැවෙන වට ගණන) වෙනස් කරන්න පුලුවන් වෙන්නෙ.ඒත්, කරකැවෙන වට ගනන නිවරැදිව වෙනස් කරන්න  ක්‍රමයක් මේ මෝටර්වල නැහැ. අනික තමයි නියත වෝල්ටීයතාවයක් යටතේ නියත කාල පරතරයන්ට අනුරූපව කරකැවුන වට ගණනත් (-1, +1)න් වෙනස් වෙනව.ක්‍රියාකාරී විට අධික ෂබ්ධයකුත් ඇතිවන බව දන්නවනි ඉතින්, ඝර්ෂණය, ඇතිවන ධාරාවේ වෙනස් වීම් ප්‍රධාන වශයෙන් මීට  බලපානව.ඒ කියන්නේ මේ මෝටර් වල කාර්යක්ෂමතාවය ඉතා අඩුයි.

සරළව කීවොතින් කාර්යක්ශමතාවය හෙවත් ජවය කියන්නෙ, කාර්යය කිරීමේ සීග්‍රතාවයටනි, ඉතින්                                                 

සමීකරණ්යෙන් අපිට පවර් එක සොයාගතහැකි.ඉතින් මන් කලින් කීව efficiency අගය,

සමීකරණයෙන් සොයාගතහැකි. එ කියන්නේ මෝටරයක ක්ෂමතාවය කියන්නේ ප්‍රදානය ප්‍රතිදානය දරන අනුපාතයනි.

ඉතින් තව මෝටර් වර්ගයක් තියනව Brushless motor කියල, හැබැයි මේ මෝටර් ම්ළෙන්නම් ටිකක් වැඩියි.rpm අගය සහ කුඩා බව වැඩිවෙන්න වෙඩිවෙන්න මිලත් වැඩිවෙනව.පෙනුමෙනුත් ලොකු වෙනසක් තියනව.

brushless  ඒ කියන්නේ මේ මෝටර් ඇතිලි හෙවත් brushes යොදාගන්නෙ නැහැ තම ක්‍රියාකාරිත්වයට. ඉතින් මේවායෙ ඝර්ෂණය ඉතාමත් අඩුයි. ඒ නිසා මේවායෙ rpm අගය ඉතාමත් වැඩියි.ඒ කියන්නේ ක්ෂමාතවයත් ඉතාම ඉහලයි brushed මෝටර්වලට සාපේක්ෂව. ඔයාල දැකල ඇතිනි පරිගණක හා වෙනත් උපාන්ංගවල රත්වීම අඩුකිරීමට යොදාගන්නා ෆෑන්, ඒවගෙත් බොහෝවිට මේ මෝටර් වර්ගය යොදාගන්නව.ඔන්න ඔයගොල්ලන්ට බලාගන්නත් එක්කල ෆෑන් එකක් පලු කලා..

 

බොහෝ විට මේ මෝටර්වල ක්‍රියාකාරී වේගය පාලනය කිරීමට සැපයුම් අග්‍ර 3ක් තියනව. rpm අගය වැඩි නිසාම මේ මෝටර් වර්ගය RC air plane නිපදවීමට බහුලවම භාවීතා කරනව.

 

servo මෝටරයකත් අග්‍ර තුනක් තියනව, එන්න ඒවයින් රතු(+) සහ කලු (-) අග්‍ර ප්‍රධාන සැපයුම් අග්‍ර වෙනව.ඉතිරි සුදු පැහැ අග්‍රය සිග්නල් ලබාගැනීම ස්ඳහා යොදාගන්නව.

ඉතින් සර්වො මෝටර් කියල කියන්නේ මේ සියලු මෝටර් වලට වඩා විශේෂ වූ මෝටර් වර්ගයකට.ඔන්න ඇතුලතත් එක්කම බලාගන්නකෝ..

සර්වො මොටර් වල අභ්‍යන්තර සුවිශේශ ගියර් කට්ටලය අන්තර්ගතවෙනව. එමනිසා මෙම සර්වො මෝටර් වලට විශාල බර ප්‍රමාණයක් උසුලන්න පුලුවනි, එහෙත් එක් එක් උපකරණයන්ට අනුරූපව මෙම ඉසිලීමේ බර මෙන්ම, එය යම්කිසි දුරකට එසවීමට ගතවන කාලයන් එකිනෙකට වෙනස් වෙනව.

Specifications
Voltage Operating Speed Output Torque Weight Dimensions
4.8V 0.26 sec/60 degrees 6.6 kg.cm (92 oz.in) 50.0g (1.80oz) 1.6" x 0.78" x 1.5"
40.00 x 20.00 x 37.00 mm
6V 0.21 sec/60 degrees 7.6 kg.cm (106 oz.in)

ඒ වගේම  මෙම සර්වො මෝර්ටර් වල ඒ ඒ ගති ලක්ෂණ අනුව මිළ ගණන්ද වෙනස් වෙනව.ඔයාලට දැනගන්නත් එක්ක මේ ලිපියට ඔන්න ඒ ටිකත් එකතුකළා..


High Torque RC Servo Motor with metal gears
View Full-Size Image


High Torque RC Servo Motor with metal gears

Product ID: NRS-995
Weight: 77 gms
Price: Rs.1,138.80

Specifications

 

  • Dimension: 40.7mm x 20.5mm x39.5mm
  • Torque: 15.5kg/cm at 4.8V, 17kg/cm at 6V
  • Dual bearing with metal gear
  • Motor weight: 60gms
  • Operating speed: 0.15sec/60 degree
  • Operating voltage: 4.8V to 6V
  • Temperature range: 0-55C
  • 0.6 ms for 0 degree Rotation
  • 2.2 ms for 180 degree Rotation

 

Motor Pinout

Brown cable ---- Gnd
Red cable ---- 5V Supply Voltage
Orange cable ---- PWM Signal

Dimensions

A (mm) 46
B (mm) 40
C (mm) 41
D (mm) 20
E (mm) 55
F (mm) 29

මොකද මේ මෝටර් වර්ගය බොහෝවිට ROBO තාකෂණයත් සමඟ යොදාගැනෙන්නේ, එහි ඇති විශේෂ පාලනය කිරීමේ ගුණාන්ංගයක් නිසා. මන් ඉහත සඳහන් කලා වගේ, සාමාන්‍ය මෝටර් වල කරකැවෙන වට ප්‍රමාණය බොහෝ විට භාහිර සාධක නිසා වෙනස් වෙනව, නමුත් මේ සර්වර් මෝටර්වල ක්‍රියාකාරී සෘණ ප්‍රතිපෝෂණ යාන්ත්‍රණයක් නිසාවෙන් එහි තෙවන අග්‍රයට (pin of signal,බොහෝ විට මෙම අග්‍රය කහ, සුදු හෝ දුඹුරු) අප විසින් ලබාදෙන ප්‍රදානයේ සිග්නල් එකට අනුරූපවම නියමිතවූ කෝණය හෝ වට ප්‍රමාණය භ්‍රමණය වූවාදැයි නිර්ණය කර  (මේ සඳහා මෝටරය තුලම ඇති උප control පරිපථය යොදාගැනෙයි.)භ්‍රමණ්ය වූ කෝණයේ වෙනසක් ඇත්නම් මෝටරයේ උප control පරිපතය මගින් ක්ෂණිකවම නිපදවන දෙවන සිගනල් එක ආධාරයෙන් එය නිවරැදිකරගන්නව.මෙන්න මෙහෙමයි අපි දෙන සිගනල් එකට අනුරූපව භ්‍රමණ කෝණය වෙනස්වෙන්නේ...

 

කැමතිද සරළ පරිපථයක් නිර්මාණය කරල servo motor එකක චලිතය අධ්‍යනය කරන්න.එහෙනම් ඔන්න මේකට ප්‍රධාන වශයෙන් ඕන වෙන්නෙ සර්වො මෝටරයකුයි වෙළඳ පොළේ පුන්චිම පුන්චි මිළකට ගන්න පුලුවන් 555 කියන IC එකකුයි විතරයි.ආ..තව දෙයක් සර්වො එකේ සිග්නල් අග්‍රයට තමා 555 IC එකේ තෙවන pin එක සම්බන්ධ වෙන්නෙ.

මන් විසින් අත්හදා බලපු තවත් පරිපතයක් ඔන්න ඔයාලට.මේකට 556 කියන
timer IC එකනම් ඕන වෙනව.

ඔන්න PIC PROGRAMMING දන්න අයට පහත සර්කිට් එක තියනව.ඔයාල කැමති කැමති ආකාරයට programme  එක ලියල චලිත කෝණය වෙනස් කරගන්න පුලුව්නි. ඔයාල නිපදවන ROBOTIC යන්ත්‍රයකට මේ circuit එක ගොඩක් ප්‍රයෝජනවත් වේවි කියල හිතනව.

මෙන්න සර්වො මෝටර් යොදාගන සැකසූ රොබෝ අතක්.

ඒ වගේම මෙන්න හෙලිකොප්ටර්ස් නිර්මාණයක් එතුලු අනෙකුත් ROBO සෙට් එකක්.

මේ තියෙන්නේ මිනිස් මුහුණක ක්‍රියාකාරිත්වයට servo යොදාගත් ROBO නිර්මාණයක්.

සර්වො මෝටර් සඳහා වගේම අනෙකුත් pic programm ගැන මගෙ ඊලන්ග ලිපියෙන් හමුවෙමු. එහෙනම් මන් ගිහින් එන්නම්. මේ ලිපිය වැදගත් වුනානම් කියල හිතෙනවනම් පහතින් කොමන්ට් එකක් දාලම යන්න.

Home             Your details              About us                     Back

RC PLANE DESIGNS :>>

pcmultiya@gmail.com
pcmultiya@gmail.com